Friday, April 26, 2024

General line - 0115112241

අළුබඳුනේ පළමු ජය පහසුවෙන් හිමිකර ගනී

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




අළුබඳුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ, එංගලන්තය සමග බි‍්‍රස්බේන් නුවර ගැබා ක‍්‍රීඩාංගණයේ පැවති තරගය කඩුලූ 10කින් ජය ගනිමින්.

එංගලන්ත කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 302ක් රැස් කළ අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් පළමු ඉණිමට ලකුණු 328ක් රැස් කළා.

එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉණිමට රැස් කළේ ලකුණු 185ක් පමණයි. ඒ අනුව තරගයේ ජයග‍්‍රහණය සඳහා  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් හිමිවුණා. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම දෙවන ඉණිමේ දී කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකර ගියා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ පළමු ඉණිමේ දී නොදැවී ලකුණු 141ක් රැස් කළ  ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්.

තරග 05කින් සමන්විත අළුබඳුන තරගාවලිය 1ට බින්දුවක් ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.

(මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)