Friday, April 26, 2024

General line - 0115112241

මගී ගුවන්යානා දෙකක් එකට ගැටුණු හැටි (VIDEOS)




ඊජිප්තු මඟි ගුවන්යානයක් ඇට්ලන්ටා ගුවන් සමාගමේ ගුවන්යානයක් සමඟ එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපලේදි ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊජිප්තුවේ කයිරෝ අන්තර්ජාතික ගුවන්තොටුපල බලා පියාසර කිරීමට නියමිතව තිබූ ඊජිප්තු ගුවන්යානය, වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සමාගමේ ගුවන්යානයක් සමග මෙලෙස ගැටී තිබෙනවා.

අනතුරින් ඊජිප්තු මඟි ගුවන්යානයේ වම් පියපතට සහ ඇට්ලන්ටා ගුවන් සමාගමේ ගුවන්යානයේ දකුණු පියාපතට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් මඟින් ආරක්ෂිතව ගුවන්යානයෙන් බස්සවා අවශ්‍ය පහසුකම් ලබා දී වෙනත් ගුවන්යානයකින් කයිරෝ නුවර බලා පිටත්ව යෑමට අවස්ථාව සලසා දීමට ජෝන් එෆ් කෙනඩි අන්තර් ජාතික ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කරුණු වාර්තා කරන්නේ.