Saturday, April 27, 2024

General line - 0115112241

හෙට කොළඹ විරෝධතාවයක් (UPDATE)

කාංචන කුමාර ආරියදාස




මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුතු අමෙරිකාවට ලබාදීමට එරෙහිව කොළඹ දී හෙට (15) විරෝධතාවක් සිදු කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා.

එහි සභාපති දුමින්ද උඳුගොඩ කියා සිටියේ රජයේ මෙම තීරණයට එරෙහිව තමන් මීට පෙර ක‍්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පිළිබඳ හෝ බලධාරීන් නිසි අවධානයක් යොමු කර නොමැති බවයි. 

දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මිනින්දෝරු සංගමය මෙම අදහස් පළ කළා. 
 

----------------------------------------

ඉඩම් මැන සිතියම් ගත කිරීම අමෙරිකාවට ලු

(07-12-2017 11:52)

 

රටපුරා රජයේ මිනින්දෝරුවන් අද (07) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක යෙදී සිටිනවා.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ පැවසුවේ රජයේ ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත‍්‍රාත්තුව අමෙරිකාවට ලබාදීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සැලසුම් කළ බවයි.

අදාළ කොන්ත‍්‍රාත්තුව අමෙරිකාවට පිරිනැමීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර රජයේ තක්සේරුකරුවන් මේ වනවිට දින 15ක් තිස්සේ සත්‍යග‍්‍රහයක යෙදී සිටිනවා. ඒ, තක්සේරු සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමට අනුමත කෙරුණු යෝජනා වහාම ක‍්‍රියාත්මක කරන ලෙස බල කෙරෙමින්.

එහෙත් සිය ඉල්ලීම්වලට මේ දක්වා යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි එහි සභාපති නිලන්ත ඒකනායක පැවසුවේ. 

සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා තක්සේරු කටයුතු අඩාල වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.