Friday, April 26, 2024

General line - 0115112241

ඉරාකය ISISට එරෙහි සටන් නවතයි




අයි එස් ත‍්‍රස්තවාදීන්ට එරෙහි සටන් නැවැත්වීමට ඉරාකය තීරණය කර තිබෙනවා. ඉරාක ජනාධිපති එයිඩර්  අල් අබාඩි පවසා ඇත්තේ ඉරාක - සිරියානු දේශ සීමාවේ සිටින සියලූ ඉරාක හමුදා සෙබළුන් මේවනවිට සම්පුර්ණයෙන් සාමකාමී බවයි. අයි එස් ත‍්‍රස්තවාදීන් සහ ඉරාකය අතර සටන් 2014 සිට වසර 3ක් පුරා පැවතුණා. එම කාල සීමාව ඇතුළත ඉරාකයේ සිදුවූ සියලූ ත‍්‍රස්ත ක‍්‍රියා අයි එස් ත‍්‍රස්තවාදීන් මෙහෙය වූ ඒවා වීම ද විශේෂත්වයක්.