Friday, April 26, 2024

General line - 0115112241

පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන නව කර්මාන්තශාලාවක් ඇරඹෙයි (PHOTOS)

කේ. ප්‍රියංකර - පුත්තලම




පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය කරන නව කර්මාන්තශාලාවක් මුන්දලම මංගඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණා.

ඒ තුළින් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කසල වූ පොලිතීන් ටොන් 200 ක් මසකට ප්‍රතිචක්‍රීයකරණය කොට නව පොලිතීන් බෑග්, පොලිතීන් ෂීට්, මල් බාස්කට්, ඇතුළු ප්ලාස්ටික් උපකරණ නිපදවීමට කටයුතු කරනවා.

අද ලොව මහත් ආන්දෝලනයකට පත්වී ඇති අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, අපද්‍රව්‍ය කඳු බිහිවීම සහ එමඟින් ඇතිවී තිබෙන පාරිසරික, සෞඛ්‍යමය, සමාජීය සහ ආර්ථික ව්‍යසනයන් රැසකට මුලපිරුවේ දිරා නොයන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයයි.

මෙම නව කර්මාන්තශාලාව තුළින් පුත්තලම දිස්ත්‍රික්කයේ එවැනි ගැටලු සඳහා ඉදිරියේදී සුබදායී බලාපොරොත්තු තබාගත හැකි බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

වාරිමාර්ග, ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් මෙම නව කර්මාන්තශාලාව විවෘත කෙරුණා.