Saturday, April 27, 2024

General line - 0115112241

ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට යයි

කසුන් කැලුම්




2020 වසරේ පැවැත්වෙන පන්දුවාර 20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව ලසිත් මාලිංග පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය තමන් එක්දින දිවියේ සහභාගී වන අවසන් තරගාවලිය බවයි.

කෙසේවෙතත් ඒ සහා තමන් තෝරා ගැනීම අවිනිශ්චිත බවයි ඔහු සහන් කළේ.

මේ දක්වා අන්තර්ජාතික  පන්දුවාර 20 තරග 68කට ක්‍රීඩා කර ඇති මාලිංග බිහෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 90ක්.

අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ කඩුලූ වැඩිම සංඛ්‍යාවක් බි හෙළු ලොව 2 වන පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි.

ඔහු මේ වනවිට අන්තර්ජාතික සහ අයි ලී එල් ඇතුළු පළමු පෙළ පන්දුවාර 20 තරග 248කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදි ඔහු බි හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 331ක්.

තවමත් අයි පී එල් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලූලාභීන් අතර පෙරමුණ ගෙන සිටින්නේ ද ලසිත් මාලිංගයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි පී එල් තරග 110කට සහභාගී වූ ඔහු මේ දක්වා කඩුලූ 154ක් බි හෙළා තිබෙනවා.