Friday, April 26, 2024

General line - 0115112241

ලාහෝර් නුවරදී තරග වැදීමට ශ්‍රී ලංකා තවත් ක්‍රිකට් කණ්ඩායමක් සූදානම්

කසුන් කැලුම්




දෘශ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලානයට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙවර අනුග‍්‍රාහකත්වය ලබාදී තිබෙනවා.

මිට පෙර ලෝක කුසලාන තරගාවලිවලට සහභාගිවීමේදී දෘශ්‍යාබාධිත කණ්ඩායමට දැඩි මූල්‍ය ගැටළුවලට මුහුණදීමට සිදුවුණා.

එහිදී නෙත් ස්පෝර්ට්ස්මන් මැදිහත් වී සිදුකළ අනාවරණයන් හේතුවෙන් ඔවුන්ට අනුග‍්‍රාහකත්වය ලැබී ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගිවීමට අවස්ථාව හිමිවූවා පමණක් නොව එහිදී විශිෂ්ඨ ජයග‍්‍රහණද වාර්තා කළා.

මෙවර දෘශ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලානය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලාහෝර් නුවරයි. ඒ, ලබන 9 වැනිදා සිට 22 වැනිදා දක්වායි. 

2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ අඳුරු මතකයන් නිසා ඉතුක් ඔක්තෝම්බර් මස වන තෙක් එහි ක්‍රිකට් සංචාරයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ නැහැ.

ඒ අනුව එම සිද්ධියෙන් පසු මේ වන විට පළමුවරට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ද ලාහෝර් නුවරදී තරග වැදීමට නියමිතයි.