Friday, April 26, 2024

General line - 0115112241

සිරිතුංග ජයසූරියගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට එක්සත් සමාජිවාදී පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

, එම පක්ෂයේ මහ ලේකම් සිරිතුංග ජයසූරිය විසින්.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු අනෙකුත් සාමාජිකයන්, කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිණිය, ශ්‍රී ලංකා නිදහස් පකෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල මහ ලේකම්වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

තමන් ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගන්නා ලෙසයි පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

පෙත්සම් විභාගය අවසන්වන තුරු කෝට්ටේ මහ නගර සභාවේ ඡන්ද විමසීම අත්හිටුවමින්  නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.