Saturday, April 27, 2024

General line - 0115112241

පාකිස්ථානයෙන් ගෙන ආ පොහොර දිස්ත‍්‍රික්ක 5කට




පාකිස්ථානයේ සිට පැමිණි පොහොර නෞකාවෙන් දිස්ත‍්‍රික්ක 5කට පොහොර බෙදා හැරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව ලංකා පොහොර සමාගම පවසනවා.

පොහොර රැගත් මෙම නෞකාව කොළඹ වරායට ළඟා වූයේ අද (08) උදෑසනයි. 

පොහොර බෙදා හැරිමේ කටයුතු පිළිබව ලංකා පොහොර සමාගමේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ රවී ක‍්‍රිෂාන් ජයවර්ධන නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ විධිමත්ව මෙම පොහෙරෙ තොගය බෙදා හැරීමට කටයුතු කරන බවයි. ඉට අදාළ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියා.

ලොරි රථ 250ක් මගින් මෙම පොහොර බෙදා හැරීමට නියමිතයි.