Saturday, April 27, 2024

General line - 0115112241

ජනතා දේපළ විකුණා ආණ්ඩුව ණය ගෙවන බවට චෝදනාවක්

හේමන්ත කහවලගේ




වත්මන් ආණ්ඩුව වැඩි පොලියට ගත් කෙටි කාලීන ණය , ජනතා දේපළ විකුණා ලබා ගන්නා මුදල්වලින් හෝ ගෙවීමට වත්මන් රජයට හදිසියක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ණය නොගෙවන්නේ නම් ශ‍්‍රී ලංකාවට ලෝක මුල්‍ය වෙළපොළේ දොර වැසෙන බවයි.

මෙම ණය මුදල් ගෙවීමට වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විකුණා දමමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ආණ්ඩුව තමන්ගේ 3වන සංවත්සරය සමරන්නේ වෙනත් අයගේ ව්‍යපෘතිවලට තමන්ගේ නම යොදා ගනිමින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මොරගහකන්ද ව්‍යාපෘතිය ඉදිකිරීමට ආරම්භ කළේ තම කාල සිමාව තුළදී බවයි.

එමෙන්ම රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත් ඉදිකිරීමට මූලික කටයුතු ආරම්භ කළේ ද තමන්ගේ පාලන සමයේ දී බවයි ඔහු වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.