Wednesday, April 24, 2024

General line - 0115112241

ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ බිරිඳ රිමාන්ඞ් (UPDATE)

හේමන්ත කහවලගේ/රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




බැංකුවක සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි රත්නායක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කෙරුණා.

, ඇය අද (09) තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හෂිනි රත්නායක බැංකුවක සේවය කරමින් සිටියදී එම බැංකුවේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බැංකු කළමනාකාරවරයා පොලීසියට කළ පැමිණිල්ලක් මතයි ඇය අද දහවල් තංගල්ල පොලීසියට භාර වී තිබුණේ.

-----------------------

අලුත බැන්ද ජනපි‍්‍රය ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට (09-01-2018 12:57)

නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇය බැංකුවක සේවය කරමින් සිටියදී ඉකුත් 2012 වසරේ සිට 2016 වසර දක්වා එම බැංකුවේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන්.

මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.

ඒ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. සැකකාරිය පොලීසියට අද (09) භාර වී ඇත්තේ ද ඒ අනුවයි.