Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්ත ක්‍රීඩකයෙකු ජයසූරියගේ වාර්තාවක් සම කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෙසන් රෝයි සනත් ජයසූරිය පිහිට වූ වාර්තාවක් සම කර තිබෙනවා.

, අවස්ථා දෙකක දී ලකුණු හඹාගොස් ජයගත් එක්දින තරගයක ලකුණු 150ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතරට පත්වෙමින්.

ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියට අමතරව දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩීකොක්, ඉන්දියාවේ විරාත් කෝලි සහ ඕස්ට්‍රේලියාවේ ශෙන් වොට්සන් මෙම දස්කම දක්වා තිබෙනවා.

එංගලන්තයේ ජෙසන් රෝයි ඔවුන් හා වාර්තා පොත් අතරට එක්වුණේ ඕස්ට්‍රේලියාව සමෙග ඊයේ (14) පැවති පළමු එක්දින තරගයේ දී ලකුණු 180ක් වාර්තා කරමින්.