Saturday, April 27, 2024

General line - 0115112241

යාපනය සරසවියේ සිසු වර්ජනය අවසන් (UPDATE)

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසර හා දෙවන වසර සිසුන් විසින් ඊයේ (16) සිට දින නියමයක් නොමැතිව දියත් කල පන්ති වර්ජනය අතහැර අද (17) සිට දේශනවලට සහභාගි වීමට තීරණය කොට තිබෙනවා.

එම සිසුන් මෙම තීරණය ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය විසින් පන්ති තහනම් කොට ඇති සියළුම සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරීමට ගන්නා ලද තීරණයට අනුවයි.

පාලන අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පන්ති තහනම් කොට ඇති කලා පීඨයේ තුන්වන හා හතරවන වසරවල සියළුම සිසුන් 18 දා සිට නියමිත පරිදි දේශනවලට සහභාගි වන ලෙසයි.

ඔවුන්ගේ පන්ති තහනම ඉවත් කල බව ලිඛිතව දැණුම් දී ඇති බැවින් යාපනය විශ්ව විද්‍යාලය තුල දියත් කොට තිබූ පන්ති වර්ජනය අතහැර දමන බව දෙවන වසරේ ශිෂ්‍ය නායක පී.අරුලානන්දන් පවසා සිටියේ.

 

-------------------------------

යාපනය සරසවියේ සිසුන් පන්ති වර්ජනයක

(16-01-2018 17:52)

 

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු හා දෙවන වසරවල සිසුන් පන්ත් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

, එම පීඨයේ 3වන සහ 4වන වසරවල සිසුන්ට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස බල කරමින්.

මීට දින කිහිපයකට පෙර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම පන්ති තහනම පනවා තිබෙනවා.