Saturday, April 27, 2024

General line - 0115112241

සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට (UPDATE)




සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුවයි.

----------------------

සිංගප්පූරු අගමැති අද දිවයිනට - ගිවිසුමකුත් අත්සන් කරයි

සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් නිල සංචාරයක් සඳහා අද (22) මෙරටට පැමිණෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි.  

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ් පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව සිංගප්පූරූ අග‍්‍රාමාත්‍යවරයා පිළි ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එහිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙරට අතර නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතයි.

ඊට අමතරව ඔහු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. 

ලී සියෙන් ලූන්ග් ලබන බදාදා දක්වා දිවයිනේ රැදී සිටින අතර සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයයෙකු මෙලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 13කට පසුවයි.