Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ගෙන් පැහැදිළි කිරිමක්




ජාතික ඔලිම්පික් කමිටුව ඉලක්ක කර ගනිමින් ඇතැම් පුද්ගලයින් විසින් පසුගිය දිනවල සිදු කරනු ලැබූ ප‍්‍රකාශ හා චෝදනා සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්වෙල් ද සිල්වා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරමක් කර තිබෙනවා.

ඒ අනුව, අදාල චෝදනා සම්බන්ධ සත්‍ය තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කරමින් ජනතාවගේ සත්‍යය දැනගැනීමේ අයිතිය තහවුරු කර දීමට සහාය වන මෙන් සියලූ මාධ්‍ය ආයතන වලින් ඔහු ඉල්ලා සිටියා.

 

ජාතික ඔලිම්පික් කමිටු මහලේකම්වරයාගේ සම්පූර්ණ ප‍්‍රකාශය පහතින් දකින්න.

 

‘‘පෙබරවාරි මස 23 වන දින පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිළවරණය ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව පසක් කරගත්, ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අමනාපව සිටින ක‍්‍රීඩා සංගම් සුළු ප‍්‍රමාණයක එකතුවකින් සෑදුණු කණ්ඩායමක් විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික ඉලක්ක කරගෙන ජාතික ඔලිම්පික් කමිටුවෙහි ගිණුම් කටයුතු නිවැරදි නොවන බවට චෝදනා කරමින් ද්වේශසහගත ලෙස හැසීරීම මා තරයේ හෙලා දකිනවා. පළමුව, පළිගැනීමේ අරමුණ හා ද්වේශයම පමණක් මූලික කරගෙන ඉදිරිපත් කර ඇති මේ සියලූ අභූත චෝදනා නිෂ්ප‍්‍රභා කිරීමට මා කැමැතියි. එසේම, මහජනතාවගේ හා ක‍්‍රීඩා ලෝලීන්ගේ දැන ගැනීම පිණිස පහත සඳහන් නිවරදි තොරතුරු ඉදිරිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

2007 වසරේ සිට ජාතික ඔලිම්පික් කමිටුවේ වාර්ෂික ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනය කර අවසන් කර ඇති අතර, 2007 වසර සිට 2012 වසර දක්වා අවසන් විගණන ගිණුම් වාර්තා හා විගණකාධිපතිගේ උපදේශයන් දැනටමත් අප වෙත ලැබී තිබෙනවා. සුළු පටිපාටීමය අඩුපාඩු කිහිපයක් පමණක් එමගින් පෙන්වා දී ඇති බවත් 2007 සිට 2012 දක්වා සියලූම විගණන ගිණුම් වාර්තා විගණකාධිපති විසින් අනුමත කර තිබෙන බවත් මා දැනුම් දීමට කැමතියි. එම ගිණුම් වාර්තා වල පිටපත් දැනටමත් ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.  එසේම, 2013, 2014, 2015, 2016 යන වර්ෂ සඳහා වන වාර්ෂික ගිණුම් වාර්තාවල මුල් කෙටුම්පත් මේ වනවිටත් විගණකාධිපතිතුමන් විසින් පරික්ෂාවට ලක්කරමින් සිටින අතර අවසන් අනුමත වාර්තාව අපවෙත ලැබෙන තෙක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් කටයුතු පිළිබඳවත් විනිවිදභාවය හා යහපාලනය පිළිබඳවත් පාලන හා සුළු පටිපාටීමය අඩුපාඩු කිහිපයක් හැරුණුකොට, සියලූම ගිණුම් වාර්තා සත්‍ය හා නිවැරදි බවට ජාතික ඔලිම්පික් කමිටුවේ කළමණාකාරීත්වය වෙනුවෙන් ජනතාව වෙත සහතික කරන්න පුළුවන්. විගණකාධිපතිතුමන්ගේ අනුමැතිය ලද විගණන වාර්තා ලැබෙන තෙක් මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡුා කිරීම ඵලරහිත බව හැෙඟන බවත් එම වාර්තා ලැබුණු විගසම මේ දෝෂාරෝපණ වලට සාක්ෂි සහිත ශක්තිමත් පිළිතුරක් ලබාදීමට හැකිවනු බවත් කියන්න කැමතියි. එසේම, එම වාර්තාවන් ලැබුණු විගස ජාතික ඔලිම්පික් කමිටුවේ සියලූ සාමාජිකයන් වෙත ද එම වාර්තාවල පිටපත් ලබාදීමට අප අපේක්ෂා කරනවා.

 

මහජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීමට හා ජාතික ඔලිම්පික් කමිටුවෙහි ඉහළ කළමණාකාරීත්වයට චේතනාන්විතවම අවමන් කිරීමේ අරමුණින් ජාතික ඔලිම්පික් කමිටුවෙහි ගිණුම් පිළිබඳව කරන ලද චෝදනා අභූත චෝදනා බව සඳහන් කරන ගමන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් පද්ධතිය පිළිබඳ ප‍්‍රධාන විවේචකයා වන රොහාන් ප‍්‍රනාන්දු මහතා පිළිබඳවත් මට බොහෝම රසවත් යමක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ තමයි, 2010 දෙසැම්බර් මස සිට අවුරුදු හය (6* ක කාලපරිච්ෙඡ්දයේ ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් හා කළමණාකරන කමිටු ප‍්‍රධානියා ලෙස තමන් කටයුතු කළ බව රොහාන් ප‍්‍රනාන්දු මහතාට අමතකවෙලා තිබෙන බව දකින්න ලැබෙනවා.  ඔහු සියලූ මුදල් කමිටු රැුස්වීම්වල සභාපතීත්වය දරනු ලැබූවා. එසේම, ඔහු 2017 වසර වෙනතෙක්ම ඉහත කමිටුවේ ක‍්‍රියාකාරී ලෙස කටයුතු කළා. එපමණක් නොවේදැනටත් ඔහු මුදල් සම්බන්ධ කමිටුවේ සභාපතීත්වය දරමින් සිටින බවට පුරසාරම් දොඩමින් සිටිනවා.

 

ඔබට වගේම අපටත් තිබෙන ප‍්‍රධානතම ගැටළුව නම්, ඔහු දැන් පමණක් ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වංචනික බව පවසන්නේ ඇයි කියන කාරණය. මුදල් කමිටුවේ සභාපතිත්වය දරමින් සිටි කාලපරාසයේ ඔහු මොනවද එහෙනම් කරල තිබෙන්නේ. තමන් විසින් තමන්ගේ වගකීම් නිසිලෙස ඉටු නොකළ බව තමන්ම පිළිගන්නවා කියලා නේද මේ ඔහු නැවත නැවතත් කියන්න උත්සාහ කරන්නේ.

 

මාගේ අදහස නම්, රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ සුදුසුකම් හා විශ්වාසනීයත්වය පිළිබඳ කරුණු සොයා නොබලා, 2010 වසරේ දී මුදල් හා කළමණාකරන කමිටුවේ සභාපතීත්වය ලබාදෙමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ලොකු වැරුද්දක් කරලා තිබෙන බවයි.

කෙසේ නමුත්, ඔහුගේ කමිටුවේ සභාපති විදිහටම දීර්ඝකාලයක් රැු`දීසිටිමට හැකියාව ලැබේවායි කියා, මම රොහාන් ප‍්‍රනාන්දු මහතාට සුභ පතනවා.’’