Friday, April 26, 2024

General line - 0115112241

අමරිකානු සෙනට් මණ්ඩලය එකඟත්වයකට එයි

පවිත්‍රා මදුහර්ෂණි




දින කිහිපයක් පුරා පැවැති රාජ්‍ය අකර්මන්‍යතාවය නිම කරමින් තාවකාලික මූල්‍ය කෙටුම්පතක් සම්මත කර ගැනිමට අමරිකානු සෙනට් මණ්ඩලය එකඟත්වය පළ කර තිඛෙනවා.

මෙම එකගත්වයට එළඹ ඇත්තේ සෙනට් මණ්ඩලය නියෝජනය කරන  රිපබ්ලිකන් පාක්ෂිකයින් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්.

ඒ සඳහා ඊයේ (22) පැවැති ඡන්ද විමසීමකදී දෙපාර්ශ්වය විසින්ම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවයි වාර්තාවන්නේ.

රට තුළ සිටින තරුණ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් විධිමත් වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරිමට රිපබ්ලිකන් පාක්ෂිකයින් එකගවන්නේ නම් මෙම කෙටුම්පතට පක්ෂව සෙනට් මණ්ඩලය නියෝජනය කරන  ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඡන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

අපේක්ෂිත අයුරින් අද (23) මෙම මූල්‍ය කෙටුම්පත සෙනට් මණ්ඩලය හමුවේ සම්මත වුවහොත් දින කිහිපයක් පුරා අකර්මන්‍ය වී ඇති අමරිකානු ෆෙඩරල් රජය යළි සක්‍රීය වනු ඇති.