Saturday, April 27, 2024

General line - 0115112241

පොලිසියට පැමිණිලි නැහැ : ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය ගැන ICC යෙන් විශේෂ පරීක්ෂණයක්

දිනුක් හේවාවිතාරණ/චම්ලි ඒකනායක




කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ක්‍රිඩාගාරයේ වීදුරු දොරටුවට හානි සිදුකිරිම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකටි පාලක මණ්ඩලය දැනුවත් කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගු පවසා සිටිනවා.

"ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ පිළිබදව දැනුවත් කිරිමක් කළා. එතන ඇත්තටම සිදු උනේ මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. ඒත් තරග තීරකවරයාට හැකියාව තිබෙනවා ඒ පිළිබදව පරික්ෂණයක් කරන්න" ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඊයේ (16) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම තරගය අතර තුර ඇතිවු  සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකරන බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ගෙන්ද නෙත් නිව්ස් විමසිමක් සිදුකළ අතර ඔහු කියා සිටියේ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ සිදුවී ඇතැයි කියන පොදු දේපළ හානිවීම සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැම්ණිල්ලක් ලැබි නොමැති බවයි.