Friday, April 26, 2024

General line - 0115112241

මාවුස්සාකැලේ ජලාශයේ තිබෙන කුණු (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරිම සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රදේශවාසින් හා අවට වතුකමිකරුවන් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික් ඇතුලූ ඝණ අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කිරිමේ කටයුත්තක් අද (18) එම ජලාශයේදී සිදු කෙරුණා. 

මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායකගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පරිසර වැඩසටහනට මාවුස්සාකැලේ ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධිවරයින්, මාවුස්සාකැලේ ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින්, නාවික හමුදාව සහ මස්කෙළිය පොලිසියේ නිලධාරින් එක්ව සිටියා.

එම ජලාශයට තේ වතු හරහා ජලය ගලා බසින ඇළ මාර්ග ඔස්සේ ප‍්‍රදේශවාසින් හා වතුකමිකරුවන් විසින් මෙම අපද්‍රව්‍ය මුදාහැර තිබෙනවා. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට අඩි 24ක් දක්වා පහත බැස තිබෙනවා.