Saturday, April 27, 2024

General line - 0115112241

මියගිය තල්මසුන් විශාල පිරිසක් හමුවෙයි (PHOTO)




තල්මසුන් 150 ක් පමණ ඔස්ටේ‍්‍රලියාවේ හැම්ලින් මුහුදු තීරය වෙත ගොඩ ගසා තිබෙනවා. ඉන් තල්මසුන් 100 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ධීවරයින් පිරිසක් විසින් මෙම තල්මසුන් පිරිස සොයා ගෙන ඇති අතර පසුව ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වූ පාරිසරික මෙහෙයුම් නිලධාරීන් තල්මසුන් පිරිසක් යළිත් නිරුපද්‍රිතව මුහුදට යැවූ බවයි වාර්තා වන්නේ. 

තල්මසුන් විශාල පිරිසක් මෙලෙස එකවර වෙරළට ගොඩගැසීම පිළිබඳව ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් පරික්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.