Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව උණුසුම් : පාර්ලිමේන්තුවේ නොසිටි එස්.බි. ගේ ජන්දෙත් ප්‍රකාශ වෙලා  (PHOTO/VIDEO) UPDATE

සමන්ත කුමාර - පාර්ලිමේන්තුවේ සිට




මේ වන විට සක්‍රිය බැරකම් කළමනාකරණය පිලිබඳ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම සඳහා වන ජන්ද විමසීම යලි සිදුකරමින් පවතිනවා. එහිදී ස්වයංක්‍රීය ජන්ද විමසීමේ ක්‍රමයට භාවිතයට නොගන්නා අතර තනි තනි වශයෙන් ජන්දය විමසන බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කර සිටින්නේ.

...........................................................................................................

පාර්ලිමේන්තුවේ මේ වන විට උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. 

සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීම පිලිබද පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද (23) පාර්ලිමේන්තුවෙදී සිදුකලා. ඒ ස්වයංක්‍රිය ජන්ද විමසීමේ පද්ධතිය උපයෝගී කර ගනිමින්. එහිදී එම පණතට පක්ෂව ජන්ද 51ක් හා විපක්ෂව ජන්ද 33ක්  ලැබුනා. මේ අනුව වැඩි ජන්ද 18 කින් පනත් කෙටුම්පත සම්මත වුනා.

කෙසේ නමුත් ජන්ද විමසීමෙන් පසු එම ප්‍රථිපල පාර්ලිමේන්තු සභාගර්භයේ පිහිටි තිරය මත විකාශනය වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායක කරු ජයසූරියට කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුවට නොපැමිණි එස්.බි. දිසානායක ඇමතිවරයාගේ ජන්දය සටහන්ව තිබීම පුදුමයට පත්වන කරුණක් බවයි. ඒ පිලිබදව කථානායකවරයා සොයා බලන බවට ප්‍රකාශ කළා.

මේ අතර අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කල ජන්දය මෙහිදී සටහන්ව නොමැති බවයි. ඒ අනුව කථානායකවරයා විසින් ජන්ද විමසීම අවලංගු කර ස්වයංක්‍රිය ජන්ද විමසීමේ පද්ධතිය පරික්ෂා කර බැලීමෙන් අනතුරුව යලි ජන්දය විමසන බවට ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තු සභාගර්භය මැදට පැමිණි පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු උද්ඝෝෂණය කිරීමට පටන් ගැනීම නිසා මේ වන විට කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තබා තිබෙනවා.