Friday, April 26, 2024

General line - 0115112241

ඉස්සන්ට වෛරසයක් නිසා කර්මාන්තය අවධානමේ




මෙරට වගා කරන ‘බ්ලැක් ටයිගර්’ හෙවත් මොනඩෝන් නමැති ඉස්සන්ට වෛරස් රෝගයක් වැළඳීම හේතුවෙන් ඉස්සන් කර්මාන්තය අවධානමකට පත් ව තිබෙනවා.

ගැඹුරු මුහුදේදී අල්ලා ගන්නා මෙම මව් ඉස්සන් “සුදු පුල්ලි” වැනි වෛරස් රෝගයකට ගොදුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් පැටවුන්ටද එම රෝගය පැතිර යන බැවින් සාර්ථක අස්වැන්නක් ලබා ගත නොහැකි බවයි ඉස්සන් වගාකරුවන් පවසන්නේ. ඉස්සන් වගාකරුවන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ඉස්සන් ආහාර ලබා ගත්තද වෛරසය හේතුවෙන් නිසි පරිදි වැඩීමක් සිදු නොවන බවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන සන්ධානයේ ලේකම් රවීන්ද්‍ර හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අපනයන මට්ටමේ තිබූ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් ව්‍යාපාරය මේ වන විට දේශීය වෙළඳපොළට පමණක් සීමා වී ඇති බවයි.

මේ සඳහා කළයුතු වන්නේ වෛරස් රෝගවලට ඔරොත්තු දෙන බවට හඳුනාගෙන ඇති සහ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි ‘වනමී’ නම් ඉස්සන් වර්ගය මෙරට ගොවිපලවල්වලට හඳුන්වා දීම බවද හෙතෙම කියා සිටියා.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ හෙක්ටයාර් 2300 ක පමණ ඉස්සන් ගොවිපලවල් 3100 ක් පමණ පවත්වාගෙන යනු ලබනවා.

10 11 12 13 14 15