Friday, April 26, 2024

General line - 0115112241

කුවේටයේ වසර 40ක්.. ඇඳිවත අතැතිව යළි ශ්‍රි ලංකාවට ආ කාන්තාව

ටී කේ ජී කපිල - කටුනායක




වසර 40ක් කුවේටයේ ගෘහ සේවයේ යෙදුණු 72 හැවිරිදි වයෝවෘර්ධ කාන්තාවක් කුවෙට් බලධාරීන් විසින් මෙරටට එවා තිබෙනවා. කිසිදු මුදලක් හෝ දේපලක් මෙන්ම භාරකරුවෙකු නොමැතිවීම හේතුවෙන් එම කාන්තාව කටුනායක පිහිටි සහන පියස රැඳව්ම් මධ්‍යස්ථානයේ රැඳවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශය කටයුතු කර තිබෙනවා.

එම කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. කුවෙට් යුධ සමයේදී පවා එරට ගෘහ සේවයේ නිරත වූ එම කාන්තාවට කුවේට් යුධ වන්දි මුදල් හෝ වැටුප් ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර නැහැ.