Friday, April 26, 2024

General line - 0115112241

වඩමාරච්චි ධිවරයින්ට පැදුනු ඉල්ලම (PHOTOS)

වවිනියාව - මාධව කුලසුරිය




යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින්ගේ මාදැලකට පරා මාළු කිලෝග්රැම් 10,000 කට වැඩි ප්‍රමාණයක් ඊයේ (17)  හසුවි ඇති බව ධීවරයින් පවසනවා.

ධීවරයින් පැවසූවේ ප්‍රදේශයේ ධීවරයින් එළන ලද මාදැලකට අදාළ මාළු තොගය හසුවි  ඇති අතර, එක් පරා මාළුවෙකු කිලෝග්‍රෑම් එකහාමාරක පමණ බරකින් යුතු වන බවයි.

ධීවරයින් පැවසූවේ පරා මාළු රංචුවක් දැලට හසුවි ඇති අතරල අදාළ මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි. හසුවූ මාළු අස්වැන්න තොග මිළට විකිනීමට කටයුතු කිරීමට නියමිත බවද වඩමාරච්චි ධීවරයින් සඳහන් කළා.

කලෙකට පසුව ඉතා විශාල මාළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් ධීවරයින් සතුටට පත්ව සිටින අයුරු දැකගන්න ලැබුනා.