Friday, April 26, 2024

General line - 0115112241

කියුබාවේ ක්‍රැස්ත්‍රෝ යුගය නිමා වෙයි - නව ජනපති පත් වෙයි

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කියුුබාවේ නව ජනාධිපති ලෙස මිගෙල් ඩියෙස් කැනෙල් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

කියුුබානු පාර්ලිමේන්තුව විසින් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

කියුබාවේ නව ජනාධිපති ලෙස මිගෙල් ඩියෙස් කැනෙල් පත්කර ගැනීමෙන් එරට දිගුකාලීන කැස්ත්‍රෝ පාලනය අවසන් වනු ඇති.

කෙසේ වෙතත් මිගෙල් ඩියෙස් කැනෙල්ද කැස්ත්‍රෝ පවුලේ ඉතාම සමීපතමයෙකු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

බී බී සී ලෝක සේවය ඔහු හදුන්වා දී ඇත්තේ රාහුල් කැස්ත්‍රෝගේ දකුණු අත ලෙසයි.