Saturday, April 27, 2024

General line - 0115112241

අලූත් මුදල් ඇමතිගේ රන් බද්ද ගැන හිටපු මුදල් ඇමතිගේ අදහස

ඩිල්ෂාන් මඩවල





ශී‍්‍ර ලංකා මහබැංකුව තුළ දුෂිත නිලධාරීන් තවමත් සේවයේ යෙදි සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ තොටලග ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ විමසිමකදීයි. 

ආනයනික රත්රන් මත මෑතකදි පනවන ලද බද්ද අදුරදර්ෂි කි‍්‍රයාවක් බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. වැට් බද්ද වුවද දැන් අඩුකල හැකි බවයි හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ. හිටපු ඇමතිවරයා මෙහිදී කියා සිටියේ වැට් 9% දක්වා අඩු කිරීමට දැන් අවස්ථාව පැමිණ ඇති බවද මෙහිදී ඔහු කියා සිටියා.

එක්සත් ජාතික පක්‍ෂය සහ ආණ්ඩුව තුළ ඉදිරියේදී සිදුවන ප‍්‍රතිසංස්කරණ හරහා රට නිවැරදි මගට පිවිසෙනු ඇතැයිද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී කියාසිටියා