Saturday, April 27, 2024

General line - 0115112241

මුහුදු රළ මීටර් දෙක තුනක් උස්වෙයි! පුත්තලම සිට මඩකලපුව හරහා කොළඹ සිට ගාල්ල දක්වා අවධානයෙන් පසුවන්න (UPDATE)

චම්ලි ඒකනයක / දිනුක් හේවාවිතාරණ




පුත්තලම සිට මඩකලපුව හරහා කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු තිරය රළු සොභාවයක් ගන්නා බැවින් ධිරවරයින් හා නාවිකයින්ට සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මුහුද රළු වීම හේතුවෙන් මුහුදු රළ මීටර් 2.5 සිට මීටර් 3.5 දක්වා ඉහල ඉහල යැමට හැකියාව පවතිනවා. එම නිසා ගොඩබිම තුලට මද වශයෙන් මුහුදු රළ පැමිණීමේ හැකියාවක් පවතින බැවින් මුහුද ආශ්‍රිතව ජිවත් වන ජනතාව අවධානයෙන් පසු වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම තත්ත්වය අද රාත්‍රීයේ සිට ලබන 24 වෙනිදා උදැසන 8:00 දක්වා  බලපැවැත්වෙනු ඇති.

..................................................................................................................................................................................

මුහුදු රළ මීටර් දෙක තුනක් උස්වෙයි! බලපිටියේ සිට පොතුවිල් දක්වා අවධානම් (21-04-2018 13:12)

බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ අද (21) රාත්‍රියේ සිට ලබන 23 වැනිදා දක්වා , මීටර් 2-3 ත් අතර අගයකින් ඉහළ යා හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි අනතුරු අඟවනවා.