Friday, April 26, 2024

General line - 0115112241

ඉන්ධන මිල සූත‍්‍රය ඉදිරිපත් කිරීම ආයෙත් කල් යයි

හර්ෂිකා සංජිවනි




අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉන්ධන මිල සූත‍්‍රය අනුමැතිය සඳහා ඉදිරිපත් නොවූ බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිලට සාපේක්ෂව මෙරට තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් ගෙන ඒමටයි යෝජනා වී තිබුණේ. එම මිල සූත‍්‍රය අද (24) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබුණා. 

කෙසේ වෙතත් අද දිනයේ එය ඉදිරිපත් නොවූ බවද මිල සූත‍්‍රය ඉදිරිපත් වීමෙන් පසුව තෙල් මිල පිළිබඳ තීරණයක් ගන්නා බවද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියා.