Friday, April 26, 2024

General line - 0115112241

සෞදි අරාබිය පෞද්ගලිකරණය කිරීමට සැරසේ

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




වසර 2030 වන විට නව ආර්ථික දැක්මක් සඳහා වන ගමනේදී මුලික අංග 12ක් පෞද්ගලිකරණය කිරීම සඳහා සෞදී අරාබියේ ආර්ථික හා සංවර්ධන කටයුතු පිලිබඳ කවුන්සිලය අවසර ලබාදී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම වැඩසටහන මගින් රැකියා අවස්ථාවන් ඉහළ නැංවීම, නවීන තාක්ෂණය සහ නවෝත්පාදනයන් ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික සංවර්ධනය සඳහා වන ඔටුන්න හිමි සල්මාන් රජුගේ වැඩපිළිවලට මෙය උපකාරී වනු ඇති බවට මත පලවී තිබෙනවා.

නියාමනය හා අධීක්ෂණය කාර්යභාරයන් අනුගමනය කරමින් පෞද්ගලික අංශයෙහි කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා සෞදි රජය කටයුතු කරන බවත් ඒ හරහා දේශීය හා විදේශීය ආයෝජන දිරිමත් කිරීම මගින් වසර 2030 වන විට එරට ආර්ථිකයට පුද්ගලික අංශයේ දායකත්වය 40% සිට 65% දක්වා වැඩි කර ගැනීමමෙහිදී බලාපොරොත්තු වන බවයි.

නව පාසැල්, විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයන් පිහිටුවීම සඳහා ආයෝජන කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීම තුලින් එම ආර්ථික අරමුණු කරා ලගා වීමට බලාපොරොත්තු වනවා.

පෞද්ගලීකරණය කිරීමේ වැඩසටහන අරමුණු කොටගෙන සෞදියේ යටිතල පහසුකම් දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර පෞද්ගලික අංශයේ සහයෝගිතාව මත බලශක්ති, ජලය, ප්‍රවාහන, විදුලි සංදේශ, ඛනිජ හා මුල්‍ය වැනි අංශවල සාර්ථක කර ගැනීමට මෙහිදී සැලසුම් කර තිබෙනවා.