Saturday, April 27, 2024

General line - 0115112241

ඇවන්ගාර්ඩ් සිද්ධියට අයෙක් අත්අඩංගුවට




ඇවන්ගාර්ඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව අද (26) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 වසරේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද එම්.බී ඇවන්ගාර්ඩ් නෞකාවේ එවකට එහි මෙහෙයුම් කළමණාකරුව සිටි හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු වන ජම්බුවත්ත, වනවාසල කැළණිය ලිපිනයේ පදිංචි මිල්ලනියගේ සමූද්‍ර නිලුපුල් ද කොස්තා මෙලෙස අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.