Friday, April 26, 2024

General line - 0115112241

වෙසක් පොහොයේ සැබෑ අරුත දරුදැරියන්ට වටහා දීමට ක්‍රියාකාරකම් රැසක් (PHOTOS)




පාසල් මට්ටමින් වෙසක් පොහොය වෙනුවෙන් විවිධ කි‍්‍රයාකාරකම් සිදුවනවා.

පස්යාල මහා විද්‍යාලයේ දරු දැරියන් ද අද (27) පෙරවරුවේ සිට පාසලට ආසන්න විහාරස්ථානයක පිරිසිදු කිරීම් සිදු කරමින් සිටියා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් කණ්ඩායම එම විද්‍යාලයේ අනෙකුත් දරු දැරියන්ද සහාය කර ගනිමින් මෙම ශ‍්‍රමදානය මෙහෙය වනවා.

මෙවැනි තවත් කි‍්‍රයාකාරකම් කිහිපයක්ද වෙසක් පොහොය වෙනුවෙන් සංවිධාන කර ඇති බවයි පස්යාල මහා විද්‍යාලයේ විදුල්පති  එම්. ආර්. මහින්ද කියාසිටියේ.

බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් කණ්ඩායමද වෙසක් පොහොය වෙනුවෙන් කි‍්‍රයාකාරකම් කිහිපයකට දායක වී සිටිනවා.

ඒ එම විද්‍යාලයීය විදුහල්පති ඉන්ද්‍රජිත් පි‍්‍රයන්තගේ අධීක්ෂණය යටතේයි.

පාසල් මට්ටමින් මෙවැනි කි‍්‍රයාකාරකම් සංවිධාන කෙරෙන්නේ වෙසක් පොහොයේ සැබෑ අරුත දරුදැරියන්ට වටහාදීම සදහායි. බෞද්ධ උරුමයන් ආරක්‍ෂා වන පරිදි වෙසක් සැමරීමට සමාජය පොළඹවාලීම එමගින් සිදු කෙරෙනවා.