Friday, April 26, 2024

General line - 0115112241

හවසට වහින වැස්සෙන් යට වෙන ටවුම (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




මේ  දිනවල පස්වරුවේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් දිනපතා යට වෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණෙන බවද ජනතාවට පීඩා ඇති වන බවද සඳහන් කරනවා.

නාවලපිටිය නගරය තැපැල් කාර්යයාලය ඉදිරිපිට සිට පොලිසිය දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ වැසි ජලයෙන් යට වෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් ස්ථානවල ප්‍රධාන මාර්ගයේ අඩි දෙක දක්වා ජල මට්ටම ඉහල යන බවද සඳහන්. නාවලපිටිය නගරයේ වැසි ජලය බැස යාම සදහා තිබෙන කාණු පද්ධති අවහිර විම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි ඒ අවට වෙළඳුන් පවසන්නේ.