Friday, April 26, 2024

General line - 0115112241

යාල විනාශය නිසා මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් විකුණා දැමීමේ අවධානමක




යාල වනෝද්‍යානයේ සිදුවන පාරිසරික හානි අවම කර ගැනීමේ අරමුණින් යාල වනෝද්‍යානය තුල " සංචාරක මුලධර්ම" ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීමට ජෙට්වින් හෝටල් ජාලය පියවර ගනිමින් සිටින බව එහි සභාපති හිරාන් කුරේ පවසනවා.

යාල වනෝද්‍යානය තුල සිදුවන ක්‍රියාකාරකම් අවසන් කිරීමට රජය පියවර නොගන්නේ නම් යාල පිහිටි ජෙට්වින් හෝටලය විකිනීමට කටයුතු කරන්නැයි තම අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂකවරයෙක් යෝජනා කර තිබෙන බවද මෙහිදී හිරාන් කුරේ කියා සිටියා.

දිනපතා සිදුවන සෆාරි රියදුරන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් යාල වනෝද්‍යානයේ සිටින වන සතුන්ට හානිවන බව හිරාන් කුරේ මෙහිදී පවසා සිටියා. විශේෂයෙන් වන සතුන් පෙන්වීම සඳහා යන සෆාරි රියදුරන් විසින් සිය වාහන අධික වේගයෙන් පදවා ගෙන යාම නිසා අවස්ථා කිහිපයකදීම වන සතුන් මිය යාමද සිදුව ඇති බවත්, එමෙන්ම වැඩි වන ජීප් රථ සංඛ්‍යාව හේතුවෙන් ඒ හරහා පිටවන දුම් හේතුවෙන් වන උද්‍යානය තුල වාතයද අපිරිසිදු වන බව ඔහු මෙහිදී කියා සිටියා.

 මුල්‍යම වශයෙන්  ලාභ ලැබිය හැකි ස්ථානයන්හි "සංචාරක මුලධර්මයන්" පිලිබඳ ප්‍රචලිත කිරීමට සෑම සංචාරක ආයතනයක්ම කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ සාමාජිකයෙක් වන හිරාන් කුරේ පවසනවා.

සංචාරක කාර්මාන්තය දියුණු කිරීමට නම් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඒවාට සිමාවන් පැනවීම සිදුනොකළ යුතු බව පැවසූ හිරාන් කුරේ සංචාරකයින් පැම්ණෙන ස්ථානම නොවෙයි ඉන් ඉදිරියට ගොස් සංචාරකයින් ගෙන්වා ගැනීමට හැකි ස්ථාන තෝරා ගෙන සිය කටයුතු ආරම්භ කිරීම " සංචාරක මුලධර්මය" බවත් ඒ අනුව කටයුතු කරමින් තම  ජෙට්වින් හෝටල් සමුහය " වැල්ලවාය" ප්‍රදේශයේ හෝටලයක් ඉදිකළ බව කියා සිටියා.