Friday, April 26, 2024

General line - 0115112241

මුහුද හරහා ඉදිකළ ලොව දිගම පාලම මෙන්න (VIDEO)

දිනුක් හේවාවිතාරණ




මුහුද හරහා ඉදිකල ලොව දිගම පාලම සාදා නිම කිරීමට චීනය සමත්ව තිබෙනවා. එම පාලම දිගින් කිලෝමීටර් 55ක් වනවා. මංතීරු 6 කින් සමන්විත වන එයට උමං මාර්ග 4 ක් ද සම්බන්ධ කර ඇති බවයි ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ.

අමෙරිකානු ඩොලර් බිලියන 20 කට අධික වියදමක් දරා ඉදිකළ මෙම ලොව දිගුම පාලම මුහුදින් වෙන්ව තිබෙන චීනය සහ හොංකොන් නගරය යා කරනු ඇති. මෙම පාලම ඉදිකිරිම සඳහා චීනයට වසර 07 ක කාලයක් ගතව තිබෙනවා. බළධාරීන් පවසන්නේ නව පාලම හරහා පැයක කාලයක් තුල චීනයේ සිට හොංකොන් බලා යාමට හැකි වන බවයි.

ප්‍රංශයේ අයිෆල් කුලුන සැදීමට යොදා ගනු ලැබූ යකඩ ප්‍රමාණයට වඩා 60 ගුණයක් මෙම පාලම ඉදිකිරීමට යොදා ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මෙම පාලම ඉදිකිරිම සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජපානය වැනි රටවල විද්වතුන්ගේ සහයද චීනය විසින් ලබාගෙන තිබෙනවා.

මෙම පාලම මෙම වසර තුලදී විවෘත කිරීමට නියමිත බව සඳහන්. එමෙන්ම මෙම පාලම හරහා දෛනිකව වාහන 40,000ක් පමණ ගමන් කරනු ඇති බවයි. ඊට අමතරව චීනය සහ හොංකොන් අතර බස් රථ සේවයක්ද ආරම්භ කිරීමට නියමිතයි.

පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන හොංකොංන් රාජ්‍ය 1997 දී චීනය සමග යලිත් වරක් එක් රටක් ලෙස එක්වුවා. ඒ වෙනම නීති පද්ධතියක් සමග "එක රටක්, පාලන ක්‍රම දෙකක්" යටතේ ගිවිසුමකට එළඹිමෙන්.