Friday, April 26, 2024

General line - 0115112241

"ජිරාෆ්" ගේ පා පහරින් මෙලොව හැරගිය කීර්තිමත් වනජීවී සිනමාකරු (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රූගත කිරීමක් අතර වාරයේදී ජිරාෆ් සතෙක් ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් කීර්තිමත් වනජීවී සිනමාකරුවෙකු වන කාලෝස් කාර්වේලෝ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දකුණු අප්‍රිකාවේ පිහිටි " Glen Afric Country Lodge" නිවාඩු නිකේතනයේදී කාලෝස් කාර්වෙලෝ මෙලෙස " ජෙරල්ඩ්" නම් ජිරාෆ් සත්වයෙක් සම්බන්ධයෙන් රූගත කිරීමක යෙදී සිටියදී එම සත්වයා අසලට ගොස් ඇති අතර එහිදී එම සත්වයා කලබලවී දිවයාම හේතුවෙන් ඔහුගේ හිසට එල්ලවූ පා පහරක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර තිබෙනවා.

ඔහුව එම අවස්ථාවේදීම රෝහල් ගත කලත් ඇතිව තිබු සංකුලතාවයන් හේතුවෙන් පසුව මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

2014 වසරේදී කාලෝස් කාර්වේලෝ විසින් රූගත කල "The Forgotten Kingdom" චිත්‍රපටයට අප්‍රිකානු චිත්‍රපට ඇකඩමි සම්මානය හිමිවිය. 

වන සතුන් සමීපයට පැමිණෙන ස්ථානයක් ලෙසින් "Glen Afric Country Lodge" නිවාඩු නිකේතනය සංචාරකයින් අතර ප්‍රසිද්ධයක් උසුලනවා. එහි සිටින ඇතැම් හිලෑ වන සතුන් සමීපයට යෑමට සංචාරකයින් හට මෙහිදී මග සැලසෙනවා.