Saturday, April 27, 2024

General line - 0115112241

රාජපක්ෂලාට වැඳල හිරෙන් එළියට අවේ නැති මම වෙන කාටවත් වඳියිද? විනාඩි 03කදී ජනපති හමුවේ සිදුවූ දේ ෆොන්සේකා මාධ්‍යයට කියයි




"සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි, ගුරුවරුන්ටයි, පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ. වඳින්නෙත් නෑ. රාජපක්ෂල මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා. එවෙලෙත් දණ ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ." යැයි තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවා. ඒ හොරොව්පතාන වන අලි සුරැකුම් මධ්‍යස්ථානයෙ නිරීක්ෂණ චාරිකාවකට අද (11) සහභාගී වීමෙන් අනතුරුව  දුටුවැව රක්ෂිතයේ පසුගිය 3 වෙනි දින හමුවු මිය ගිය දල ඇතාගේ සිරැර බැලිමට ගිය අවස්ථාවේ මධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ය. 

 "කැබිනට් ප්‍රකාශ සිද්ධ කරන එක වගකිව යුතු ප්‍රකාශයක් කාටවත් කඩේ යෑමක් නොවිය යුතුයි. ඒ නිසා එවැනි ප්‍රකාශ පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. පහුගිය දිනවල මට නීතිය හා සාමය අමාත්‍යාංශය අහිමි කරපු දවසේ ඉඳලා මම යම් යම් ප්‍රකාශ කළා. සමහර ප්‍රකාශ වල දේශපාලනික වශයෙන් සමහරු විවේචනය වුණා. ඉතින් ඒවා හරහා මට ලැබුණු බලවේගයක් මත මම ජනාධිපතිතුමාගෙන් වැඳලා සමාව ගත්ත කියල තමයි කියන්න හදන්නේ. ඒකතාව සම්පූර්ණ බොරු. මමයි මලික් සමරවික්‍රමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. එතැනදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපි හිත හොඳින් හිටපු කට්ටියනෙ අපි හිතවතුන් ඒ නිසා අපි අතර ප්‍රශ්න තියනවනම් මාධ්‍යයට කියන්න අවශ්‍ය නෑනේ මීටින් වල කියන්නත් අවශ්‍ය නෑනෙ කියලා.එතකොට මම ප්‍රකාශ කළා තිබුණ වාතාවරණය මත එවැනි දේවල් සිද්ධ වුණා අපිට ඉදිරියට එකට වැඩ කරන්න පුළුවන් කියලා. විනාඩි තුනක සාකච්ඡාවක් එච්චරයි සිද්ධ වුණේ." යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවා.