Saturday, April 27, 2024

General line - 0115112241

මුම්බායි සහ රාජස්ථාන් කණ්ඩායම්වල ප්‍රතිපල මත චෙන්නායි පිළට පාර කැපේ




මෙවර අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයට සුදුසුකම් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (13) සමත්වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් අතර පැවැති තරගයේද ප‍්‍රතිපල මතයි.

ඊට පෙර පැවැති තරගයෙන් චෙන්නායි කණ්ඩායම, සන්රයිසස් කණ්ඩායම පරාජයට පත්කළා.

රාජස්ථාන් කණ්ඩායම හමුවේ මුම්බායි කණ්ඩායම පරාජය වීමත් සමග චෙන්නායි කණ්ඩායමේ ස්ථානය තහවුරු වුණා. මේ වනවිට ඔවුන් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.