Sunday, November 18, 2018
Hotline - 0770586666

ප්‍රභාකරන් මහත්තයාගේ රණවිරු සමරුව ගැන රාජිත කියූ දෙයින් උණුසුම් තත්ත්වයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ / චතුරංග සුරියආරචිචි

8569Views

උතුරු පලාත් සභාවේ අමාත්‍යවරියෙක් විසින් යුද්ධය අවසන්වූ මැයි 18 වන දිනය "ජාතික සංහාර දිනයක්" ලෙස නම් කිරීමේ යෝජනාව ගැන අද (16) පැවති කැබිනට් රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළා. එහිදී ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

එහිදී රාජිත සේනාරත්න කියා සිටියේ මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා සෑම වසරකදීම සිය මියගිය සාමාජිකයින් සමරමින් විරු සැමරුම් පැවැත්වූ බවයි. යුද්ධයේදී මියගිය පුද්ගලයින් අපට ත්‍රස්තවාදීන් ලෙස පෙනුනත් උතුරේ ජනතාවට ඔවුන් පෙනෙන්නේ තමන්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් ලෙසින් බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ උතුරේ මිය ගියෙත් අපේ දරුවන් බවත් රජයේ පැත්තෙන් මියගියෙත් රටේ දරුවන් බවයි. එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට කියා සිටියේ එල්ටිටිඊය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් බවත් ඔවුන්ද මෙරට තහනම් සංවිධානයක් ලෙස කලක් පැවති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම රජය බලයට පත්වීමෙන් පසු මැයි 18 වෙනිදා පවත්වාගෙන ආ "රණවිරු සැමරුම" නතරවූ බවයි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන් බවයි, සහජීවනය ගැන සිතා එම සැමරීම නතර කල බවයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජයවීර මහත්තයා සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන් මහත්තයා විසින් සිදුකල අපරාධවල වෙනස ගැන පැහැදිලි කරන්නැයි මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ට අභියෝගයක්ද එල්ල කළා.

මේ එම සිදුවීම ඇතුලත් සම්පුර්ණ වීඩියෝව පහතින්