Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍රලනිපයේ තනතුරු වෙනස් කරන යෝජනාවක් අද මධ්‍යම කාරක සභාවේ

ඩිල්ෂාන් මඩවල / සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) නැවත රැස්වනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් මෙන්ම පක්ෂයේ තනතුරු දරන්නන් වෙනස් කළ යුතු බවට වන යෝජනාවක්ද එහිදී ඉදිරිපත් වනු ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමෙන්ද විමසීමක් කළා. අදාළ යෝජනා තම කණ්ඩායම විසින් ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි කියා සිටියේ කියා සිටියා.

අද රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන තීරණ අනුව සිය 16දෙනාගේ කණ්ඩායමේ  ඉදිිරි කටයුතු සැලසුම් කරන බව මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි කියා සිටියේ.