Friday, April 26, 2024

General line - 0115112241

මානුෂීය මෙහෙයුමේදී වැඩිම ජීවිත සංඛ්‍යාවක් පූජා කළ රෙජිමේන්තුව කතා කරයි

හේමන්ත කහවලගේ




ඉකුත් මානුෂීය මෙහෙයුමේදී වැඩිම ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ රෙජිමේන්තුව ලෙස සැලකෙන්නේ ගජබා රෙජිමේන්තුවයි.

නිලධාරීන් 171 දෙනෙකුත් සෙසු නිලයන් 4,079 දෙනෙකුත් එහිදී ජීවිත පූජා කළා.

එමෙන්ම වීර වික‍්‍රම කි‍්‍රයාන්විතයන්ගෙන් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇත්තේද ගජබා රෙජිමේන්තුවයි.

මෙම කරුණු ද සැලකිල්ලට ගනිමින් මානුෂීය මෙහෙයුමට දායකත්වය දුන් සියළු රණවිරුවන් සැමරීම හෙට (18) සිදුවන බවයි ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව කියාසිටියේ.  

ඒ අනුව ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සාලියපුර කඳවුරේ රණවිරු ස්මාරකය අභියසදී විශේෂ රණවිරු සැමරුම් උත්සවයක් හෙට පැවැත්වෙනවා.

මේ අතර ඉකුත් 13 වැනිදා සිට හෝකන්දර දක්‍ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාවේ පස්වන දිනය අදයි. එය ලබන 19 වැනිදා තෙක් පැවැත්වෙනවා.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකර ති‍්‍රවිධ චෛත්‍ය වෙත සතියක් පුරා පහන් විසි නවදහසක් පූජා කිරීම එහිදී සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.