Friday, April 26, 2024

General line - 0115112241

වැස්ස සමග කඳු මුදුනේ සිට ආ මාරයා මග නතර වූ හැටි (PHOTOS)

රොහාන් සී ප්‍රේමතිලක




හෙම්මාතගම එරමිණීගම්මන ප්‍රදේශයට කඳුමුදුනක සිට අඩි 8ක පමණ උස, අඩි 5ක පමණ පළල විශාල ගලක් මීටර් 75ක් පමණ පහලට පෙරලී ඒම නිසා පහල ප්‍රදේශයේ ජනතාවට අවධානම් තත්වයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

අධික වැසි සමඟ හෙම්මාතගම එරමිණීගම්මන ප්‍රදේශයට ඉහලින් ඇති කඳු මුදුනේ රක්ෂිත ප්‍රදේශයක සිට පහලට ඊයේ (21) මෙම විශාල ගල පෙරලී පැමිණ තිබුණා. 

අධික ශබ්දයක් නගමින් වේගයෙන් මීටර් 75 ක් පමණ පහළට පෙරලී ආ මෙම විශාල ගල පසුව නිවාස පෙනෙන මානයේ නතර වී තිබුණා.

කෙසේවෙතත් තවදුරටත් තද වැසි ඇති වුවහොත් මෙය යළි පෙරලී පහලට ඒමට ඉඩකඩ ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

මේ වන විට ඒ ආසන්නයේ පහළ ප්‍රදේශවල ඇති නිවාස දෙකක නිවසියන්ට ඉවත් වෙන ලෙසද දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.