Saturday, April 27, 2024

General line - 0115112241

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවැති නායකත්ව පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් (UPDATE)

ඩිල්ෂාන් මඩවල




රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සාර්ථකව ඊයේ (11) අවසන් වුණා.

සිය දරු දැරියන් මෙම වැඩසටහනින් ලද අත්දැකීම් පිළිබද එම විද්‍යාලයේ ගුරුවරුන් රැසක් මෙම වැඩසටහන අගයමින් අදහස් දැක්වූවා.

එහිදී බොහෝ දෙනෙක් පෙන්වා දුන්නේ මෙම වැඩසටහන් හරහා මෙම දරුවන්ව ඕනෑම අභියෝගයකට හුරු කරවීමක් සිදු කර ඇති බවයි. 

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සී. බී. එල්. සේරා නිෂ්පාදන අනුග‍්‍රහයෙන් පැවැත්වුණා.

 

----------------------------------------------

 

--------------------------------

විභාග රහස් ගැන පුහුණු සැසියක් (UPDATE)

(11-06-2018 12:01)

 

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන යටතේ 11 සහ 12 ශ්‍රේණිවල දරුවන්ට විභාග රහස් පිළිබඳ විශේෂ පුහුණු සැසියක් අද (11) පැවැත්වුණා.

ඊට සහභාගී වූ සිසු දරු දැරියන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි. 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සඳහා සී. බී. එල්. සේරා නිෂ්පාදන අනුග‍්‍රහය ලබා දෙනවා.
 

 

------------------------

නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අවසන් දිනය අද (UPDATE)

(11-06-2018 09:00)

 

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අද (11) අවසන් දිනයයි.

දෙදින නේවාසික කඳවුරේ සිසුන් විසිරයාමේ උත්සවය අද පැවැත්වෙනවා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සඳහා සී.බී.එල්. සේරා නිෂ්පාදන අනුග‍්‍රහය ලබා දෙනවා.
 

------------------------------------

සිසුසිසුවියන්ගේ මව්පියන් වෙනුවෙන් අද පුහුණු සැසියක් (UPDATE)

(10-06-2018 09:12)

 

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ මවුපියන් සඳහා වන පුහුණු සැසිය අද (10) පැවැත්වෙනවා.

පස්වරු 02.00ට මෙම පුහුණු සැසිය ආරම්භ කිරීමට නියමිතයි.

රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ මෙන්ම වෙනත් ඕනෑම මවුපියවරුන්ටද මෙම පුහුණූ සැසිය විවෘත වනවා. නෙත් නිවුස් යු ආර් අ ලීඩර් වැඩසටහන සඳහා අනුග‍්‍රහය දක්වන සී. බී. එල්. සේරා නිෂ්පාදන විසින් සංවිධාන කෙරෙන ආදර්ශ කි‍්‍රයාකාරකම්ද මෙහිදී සිදු කෙරෙනු ඇති. 

මේ අතර දෙදින නේවාසික කඳවුරට සහභාගී වී සිිටන අංකුර නායකයන් ඊයේ (09) රාත්‍රියේ ගිනි මැල සංදර්ශනයකට සහභාගී වුණා. 


 

--------------------------------------

මාපිය දූදරු දෙනෙත් තෙත් කළ මාපිය වන්දනාව (PHOTOS/UPDATE)

(09-06-2018 13:39)

 

රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 27 වැන්නේ දෙවන දිනය අදයි. සිසු සිසුවියන් සඳහා ශාරීරික අභ්‍යාස කිිහපයක් අද උදෑසන පැවැත්වුණා.  ඉන් අනතුරුව පැවැත්වූ සංගීත චිකිත්සා වැඩසටහනට සිසුන් මෙන්ම ඔවුන්ගේ මවුපියන්ද එක්වුණා. 

 

මෙම වැඩසටහන සඳහා සී බී එල් සේරා නිෂ්පාදන අනුග‍්‍රහය ලබා දෙනවා. ඔවුන්ගේ අනුග‍්‍රහයෙන් සිසුන්ගේ මවුපියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් හෙට (10) පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ කරුණු දැක්වූ සිලෝන් බිස්කට් සමගමේ ප‍්‍රවර්ධන සහ කි‍්‍රයාකාරකම් කලමනාකාර සිසිර ගුණවර්ධන පැවසුවේ වටිනා ආහාර වැඩමුළුවක් පවත්වන බවය.
 

----------------------------------------------------

නෙත් යු ආර් අ ලීඩර් දෙදින නේවාසික කඳවුර ඇරඹෙයි

09-06-2018 07:39

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 27 වැන්නේ දෙවන දිනය අදයි. තෝරා ගත් දරු දැරියන් 100 දෙනෙකුගේ කණ්ඩායමක් සඳහා දෙදින නේවාසික කඳවුරක් අද (09) ආරම්භ වුණා. 

---------------------------------------

නෙත් යු ආර් අ ලීඩර්  ගුරුවරුන් සඳහා දේශනයක්

08-06-2018 18:54

රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන යටතේ ගුරුවරුන් සඳහා අද විශේෂ දේශනයක් පැවැත්වුණා. 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සඳහා සී බී එල් සේරා නිෂ්පාදන අනුග‍්‍රහය ලබා දෙනවා. 
--------------------------------

නෙත් යු ආර් අ ලීඩර් නායකත්ව වැඩසටහන ඇරඹෙයි 

08-06-2018 11:54

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 27 වැන්න අද (07) ආරම්භ වුණා. එ් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේදියි. එහි තොරතුරු නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය වෙනුවෙන් ප‍්‍රබෝද් මධුරංග.

 

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සදහා සී බී එල් සේරා නිෂ්පාදන අනුග‍්‍රහය ලබා දෙනවා.

.....................................................................................................................................................................

නෙත් යු ආර් අ ලීඩර් නායකත්ව වැඩසටහන අද ඇරඹෙයි 

(08-06-2018 07:25)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 27 වැන්න අද (08) ආරම්භ වනවා. ඒ, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේදීයි. දරු දැරියන් ජීවිතය ජය ගැනීමට සහ  නායකත්වය සඳහා බලගැන්වීමත් මෙහිදී සිදු කෙරෙනවා. 

දරු දැරියන් වෙනුවෙන් මෙන්ම විද්‍යාලයීය ගුරුවරුන් සහ මවුපියන් වෙනුවෙන්ද කි‍්‍රයාකාරකම් සහ පුහුණු සැසි සංවිධාන කිරීම නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ විශේෂත්වයක්. 

මේ සඳහා සී බී එල් සේරා නිෂ්පාදන අනුග‍්‍රහය ලබා දෙනවා. මේ, සි බී එල් ආයතනයේ ප‍්‍රවර්ධන හා කි‍්‍රයාකාරකම් කළමනාකරු සිසිර ගුණවර්ධන.