Saturday, April 20, 2024

General line - 0115112241

ඥාණසාර හිමිට වෛද්‍ය ප්‍රතිකාර - එකට සිටින සිරකරුවෝ මහ රෑත් ගිලන්පස දෙති

නිශාන් ද සිල්වා




බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ මේ වනවිට රඳවා සිටිනවා. කල් කි‍්‍රයාව යහපත් සිරකරුවන් 15 කු රඳවා සිටන එම වාට්ටුවේ උන්වහන්සේද රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඔවුන් සමග සුහදව වාට්ටුව තුළ සිටින බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වුණේ.

ඊයේ රාති‍්‍රයේ එම වාට්ටුවේ රදවා සිටි සිරකරුවන් උන්වහන්සේට අවස්ථා කිහිපයකදී ගිලන්පස ලබාදීමට කටයුතු කර තිබුණා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ඊයේ දිනයේ වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කර ඇති අතර උන්වහන්සේගේ දෙපාවල තිබෙන කුෂ්ඨ රෝගී තත්ත්වයකට එහිදී ප‍්‍රතිකාර ලබාදී තිබෙනවා.

උන්වහන්සේ එහිදී පවසා ඇත්තේ ඉකුත්දා පැවති ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට තමන් වහන්සේ විසින් වියළි ආහාර බෙදාදුන් බවයි. ඉන්පසු මෙම රෝගී තත්ත්වය හට ගැණුන බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ.

සබැඳි පුවත් මෙතනින් කියවන්න