සබරගමුව මහා සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීමට පියවර ගනු ලැබුවේ අදාළ පනත ප්‍රකාරව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා.
එම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය පසුගියදා අවසන් වුණා.
ඉන් අනතුරුව එම තනතුර සඳහා සිදු කළ පත්කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලය රාජකාරීවලින් ඊයේ දිනයේ ඉවත්ව සිටියා.
කෙසේවෙතත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීමට පියවර ගනු ලැබුවේ පවතින පනත ප්‍රකාරව බවයි.
සබරගමුව මහා සමන් දේවාලයට ස්ථිර බස්නායක නිලමේවරයෙක් ඉදිරියේදී පත් කරන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පැවසුවේ.