Wednesday, January 8, 2025

General line - 0115112241

ආරම්භ කළ රථවාහන මෙහෙයුම් ගැන පොලීසිය දැඩි තීරණයක




විවිධ පාර්ශව කුමන බලපෑම් සිදු කළද ආරම්භ කළ රථවාහන මෙහෙයුම් ඉදිරියටත් සිදු කරන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් එම රථ වාහන මෙහෙයුම් ආරම්භ කළ බවයි. 

කෙසේවෙතත් නීතිවිරෝධී ලෙස සවි කිරීම් සිදු කර ඇති රථවාහනවලට ඒවා නිවැරදි කරන ලෙසට ජනවාරි 19 වනදා තෙක් දැනුවත් කිරීමක් පමණක් සිදු කෙරෙනවා. 

ඒ අනුව එම කාලයේදී දඩ පත්‍රිකා නිකුත් කිරීමක් හෝ නඩු පැවරීමක් සිදු නොකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.