Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රබල ආජන්ටිනාවට අයිස්ලන්තයෙන් තියුණු තරගයක්

සමන්ත කුමාර




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩය යටතේ පැවැති ආජන්ටිනාව සහ අයිස්ලන්තය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. ඒ ගෝල 1-1ක් ලෙසයි. පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සහභාගී වන අයිස්ලන්තය ප‍්‍රබල ආජන්ටිනාව හමුවේ තරගය සමව අවසන් කිරීම සුවිශේෂී අවස්ථාවක් බවයි කී‍්‍රඩා විචාරකයින් පවසන්නේ. 

ආජන්ටිනා කණ්ඩායමේ සර්ජියෝ අගියුරෝ තරගයේ 19 වන මිනිත්තුවේදී සිය කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා. ඉන් විනාඩි 04කට පසු අයිස්ලන්තය වෙනුවෙන් ඇල්ෆෙරෝ ෆින්බොගසන් ගෝලයක් වාර්තා කිරීම විශේෂත්වයක්.