Saturday, April 27, 2024

General line - 0115112241

නගර සභා නිලධාරීන්ට විරෝධය පා කාන්තාවක් වහලක් උඩට නගී (PHOTOS)

ලලිත් චාමින්ද




ගාල්ල මහජනපොල  භුමියේ  පවත්වාගෙන ගිය අනවසරයෙන් ඉදි කරනු ලැබ ඇති කඩ පෙලක් ඊයේ (20)   ගාල්ල මහ නගර සභාවේ නිලධාරින් විසින් ඉවත් කිරීමට  සූදානම් වෙද්දී  එයට  වෙළඳසැල් හිමියන්ගේ දැඩි විරෝධය පලවු අතර එක් කාන්තාවක්, කඩා ඉවත්කිරීමට නියමිත වෙළඳසැලක වහලයක් මත නැගී වෙළදසැල්  කඩා දැමීමට විරෝධය පලකරන්න වූවායග මෙ සමග වෙළදසැල් හිමියන් හා නගරසභා නිලධාරින් අතර උණසුම් තත්වයක් ඇතිවියග
 

ඒ සමග එම වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව නතර කල නගර සභා නිළධාරින්  එම ස්ථානයෙන් පිටව ගියහග ගාල්ල මහනගර සභාව මගින් ක්රිසයාත්මක කරගෙන යනු ලබන සමුද්රන පියවර  නගර අළංකරණ වැඩසටහන යටතේ ගාල්ල පැරනි මහජන පොළ පිහිටි ස්ථානය  රථවාහන අංගණයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් එම භූමියේ පවත්වාගෙන යනු ලබන අනවසර  වෙළඳසැල් ඉවත් කිරීමට ගාල්ල මහ නගර සභාව තීරණයට කරනු ලැබ තිබුණා.
 

මේ අනුව මෙම අනවසර ඉදිකිරීම් ඉවත්  කිරීමට ඊයේ (20) ගාල්ල මහනගරසභා නිලධාරීන් මහජන පොල වෙත පැමිණියා.  එහිදි  ඉවත් කිරීමට නියමිත වෙළඳසැල්වල වෙළඳසැල් හිමියන් විරෝධය  දක්වනු ලැබූ අතර  ගාල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ  මන්ත්රී වරුන් වන  ජිලිත් නිශාන්ත සහ කපිල කොහොඹන්ගේ ද මෙම ස්ථානයට පැමිණ මෙම අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට විරෝධය පාන පිරිස සමග එක්ව විරෝධය පල කළා.

 මෙම ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට නගර සභාවේ බැකෝ යන්ත්‍රය යොදා සූදානම් වෙද්දී  ජිලිත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ මෝටර් රථය  මග හරස්කරමින් ඊට බාධා කකළා.  කෙසේ වෙතත්  මේ අතර වාරයේ මෙම ස්ථානයට ගාල්ල මූලස්තාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර ඇතුලු නිලදාරීන්  කණ්ඩායමක් නගර සබාවේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නේ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබාගන්නා ලෙසයිග 
අධිකරන නියෝගයක් ලබාගන්නේ නම්   ඉන් අනතුරුව පොලීසියට මේවා කඩා ඉවත් කිරීමට  ආරක්ෂාව ලබාදිය හැකි බවද  මූලස්තාන පොලිස් පරීක්ෂක වරා පෙන්වා දුන්නේයග
 අනතුරුව  නගර සභාවේ නිළධාරීන්   අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්ව ගියා.