Friday, April 26, 2024

General line - 0115112241

කිරිවෙහෙර නා හිමිට වෙඩි තැබූ තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්

සමන්ත කුමාර




කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා ලබන මස 04වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන්ගෙන් 05 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණු අතර සැකකාරියක් සහ තවත් සැකකරුවෙකු ඊයේ (19) අත්අඩංගුවට ගැනුණා.