Saturday, April 27, 2024

General line - 0115112241

කොටි ඇඳුම් කොටි කොඩි සහ ක්ලේමෝ බෝම්බ රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට - අයෙක් පැන ගිහින්

මාධව කුලසූරිය




එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඇදුම්, එල්.ටී.ටී.ඊ කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (22) අලුයම මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාර්ග‍යේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සැකකරුවන්  ත්‍රිරෝද රථයකින් අදාළ භාණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ පුද්ගලයින් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට ඇති අතර, සැකකරුවන් තිදෙනෙකු ත්‍රිරෝද රථයේ පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ පුද්ගලයෙකු පළාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්රායත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ‍ඔඩ්ඩුසුඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.