Saturday, April 27, 2024

General line - 0115112241

පිටියට නොපැමිණීමෙන් අපි වැරැද්දක් කළා - ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා

දිල්ශාන් තුෂාර




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියා. ඔවුන් මේ වනවිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්ව සිටිනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට ලක්වූ දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේදී ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා. 

ඔහු කියා සිටියේ තමන්ට පන්දුව පළුදු කිරීමට කිසිදු අදහසක් නොතිබූ බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායම ICC යට අභියාචනයක් ඉදිරිපත් කලත් ඔවුන් විසින් ගෙන තිබු තීරණයේ වෙනසක් සිදුනොවූ බවයි.

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාද මෙහිදී අදහස් දැක්වුවා. ඕනෑම අවස්ථාවක අප වැරදි කරනවා ආවේගශීලිව කටයුතු කරනවා, නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරීමට අපි බැදී සිටින බවයි. කණ්ඩයමක් කියන්නේ පවුලක් ඉතින් ඒ අවස්ථාවේදී චන්දිමාල්ට කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ තිබෙන ආදරය නිසා ඔවුන් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කරන්නට ඇති බවත් කණ්ඩායම් වශයෙන් ඒ අවස්ථාවේ සිදුකළ දේ ගැන තමන් සෑහීමට පත්නොවන බවයි. ඒ හේතුවෙන් තම කණ්ඩායම හැසිරුණු ආකාරය වැරදි බවත් එය හුදෙක් ආවේගශීලිවීම හේතුවෙන් සිදුවූ දෙයක් බව දන්වා ICC ට අභියාචනයක් ඉදිරිපත් කළ බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.