Friday, April 26, 2024

General line - 0115112241

පන්දුවාර 20 ලීග් තරගවලට සහභාගී වන ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට අලූත් තහනමක්




එක් ක‍්‍රීඩකයෙකුට එක් වසරක් තුළ සහභාගී විය හැකි පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් තරගාවලි සංඛ්‍යාව සීමා කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට එක් ක‍්‍රීඩකයෙකුට සහභාගී  විය හැකි තරගාවලි සංඛ්‍යාව 03කට සීමා කරනු ඇති. 

ලොව පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන පන්දුවාර 20 ලීග් තරග රටාව හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ වනවිට පකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, දකුණු අප‍්‍රිකාව,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයේ මෙවැනි විස්සයි විස්ස තරගාවලි පැවැත්වෙනවා. ක‍්‍රීඩා වාර්තාවලට අනුව වසරේ එවැනි තරගාවලියක් නොපැවැත්වෙන්නේ ජූනි සහ ඔක්තෝබර් යන මාසවල පමණයි.